4/18/10

ගර්භණි සමයේදී තැලසීමියා රෝගය

ගර්භණි සමයේදී තැලසීමියා රෝගය

http://wedananasala.org

· තැලසීමියා රෝගය විවිධ ආකාරවලින් හමු වේ.

· මෙහිදී සිදු වනුයේ හිමොග්ලොබින් අණුවේ පෙප්ටයිඩ් අණු නිෂ්පාදනයේ ඇති වන දුබලතායි.

· සෞඛ්‍ය සම්පන්න වැඩිහිටියන්ගේ හිමොග්ලොබින්වල 95 % ක් පමණ ඇල්ෆා පෙප්ටයිඩ් දෙකකින් හා බීටා පෙප්ටයිඩ් දෙකකින්

සමන්විත හිමොග්ලොබින් වර්ගය හමු වේ.

· හිමොග්ලොබින් F යනු භ්‍රෑණයේ බහුලවම හමු වන හිමොග්ලොබින් වර්ගය වන අතර එය සමන්විත වනුයේ ඇල්ෆා පෙප්ටයිඩ්

දෙකකින් හා ගැමා පෙප්ටයිඩ් දෙකකිනි.

· එමෙන්ම සාමාන්‍ය වැඩිහිටියන්ගේ හිමොග්ලොබින් සුළු ප්‍රතිශතයක් ඇල්ෆා හා ඩෙල්ටා පෙස්ටයිඩ් දෙක බැගින් සමන්විත වු

හිමොග්ලොබින් A2 ලෙස හමු වේ.

· හිමොග්ලොබින් F හා හිමොග්ලොබින් A2 බහුලව හමු වේ නම් ඉන් අදහස් කරනුයේ සාමාන්‍ය හිමොග්ලොබින් A අණුවේ දෝෂ

පවතින බවකි.

· තැලසීමියා රෝගය ඇල්ෆා තැලසීමියා, බීටා තැලසීමියා ලෙස වර්ග දෙකකට බෙදා දැක්විය හැක.

· මෙම රෝගයේදී සිදු වනුයේ රක්තාණු නිපදවීම දෝෂ සහිත වීම, රක්තාණු විනාශ වීම හා රක්තහීනතා තත්වය මතු වීමයි.

· මෙම රෝගය ලොව පුරා හමු වන අතර අධිකව හමුවනුයේ මැලේරියා රෝගය වැඩි වශයෙන් ඇති ප්‍රදේශවලයි.

· ඊට හේතුව තැලසීමියා වාහකයන්ට මෙම රෝගයට එරෙහිව ක්‍රියා කළ හැකි බැවිනි. එනම් මධ්‍යධරණි ප්‍රදේශ, අප්‍රිකාණු රටවල් හා

ආසියානු රටවල්ය.

· ශ්‍රී ලංකාවේ කුණෑගල ප්‍රදේශය මෙම රෝගින් බහුලවම දක්නට ලැබේ.

· මෙම රෝගය ප්‍රවේණික රෝගයක් වන අතර නිලීන ජාන මගින් රෝගය ඇති වේ.

තැලසීමියා රෝගී මවක් ගැබ් ගැනීම.

· ඇල්ෆා තැලසීමියා වාහක මවකගේ භ්‍රෑණය ඇල්ෆා තැල්සීමියා රෝගී තත්වයෙන් පෙළේ නම් මවට ගර්භවිෂ රෝගය වැළදීමට වැඩි

අවදානමක් ඇත.

· තැලසීමියා රෝගී කාන්තාවන් දරුවන් ලැබීමට පෙර මිය යාම සාමාන්‍යයෙන් පෙර සිදු වුවද නුතන වෛද්‍ය විද්‍යාවේ දියුණුව නිසා

රෝගී කාන්තාවන් ගැබ් ගන්නා වයස තෙක් ජිවත් වීමේ හැකියාව ලබා ඇත.

· මෙම ගර්භණි මව්වරුන්ට නිරන්තරයෙන් රුධිර පාරවිලයනය කිරීමත් ඩෙස්ෆොරොක්සමයින් ඖෂධ ගර්භණි සමය පුරාම ලබා දිම

අවශ්‍ය වේ.

· බීටා තැලසීමියා රෝගයේ වාහක කාන්තාවන් සාමාන්‍යයෙන් රෝග ලක්ෂණ නොපෙන්වුවත් එහි වාහක තත්වය ගර්භණි සමයේදී

පෙන්නුම් කළ හැක.

ü ගර්භණි සමයේදී රක්තහීනතාව පෙන්නුම් කිරීමෙන්

ü බීටා තැලසීමියා රෝගී දරුවකු බිහි කිරීමෙන්

· තැලසීමියා රෝගී වාහක කාන්තාවන් ගැබ් ගැනීමේදී දුෂ්කරතා මතු නොවන අතර ගර්භණි වීමෙන් පසු සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැක.

· නමුත් ගර්භණි සමයේදී සාමාන්‍යයෙන් සිදුවන රුධිර හිමොග්ලොබින් මට්ටම අඩු වීම වැඩි වශයෙන් මෙවැනි කාන්තාවන්ට සිදු වන

බැවින් යකඩ හා ෆෝලික් අම්ලය ගර්භණි සමය තුළදී සැපයීම වැදගත් වේ.

19 comments:

  1. I am only 25 years old and I buy Viagra online usually from this online pharmacy that I know called WWW.MEDSHEAVEN.COM , Viagra medication helps me get hard easy, I enjoy it a lot, I can go about 10 times usually on the day that I take Viagra, I like viagra a lot, and I recommend viagra over cialis.

    ReplyDelete